ස්වර්ණපුරවර කාන්තා සංසදයේ නිලවරණය -2025

ස්වර් ණපුරවර සිරිලිය කාන්තා සංසඳයේ නිලවරණය 2025.07.23 දින නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විය. මෙහිදී අනුශාසක මණ්ඩලය ලෙස ගරු සභාපති ගාමිණි කරුණාරත්න මැතිතුමන් , නගර සභාවේ ලේකම් , පරිපාලන නිලධාරිතුමිය ද , උපදේශක මණ්ඩලය ලෙස ගරු නාගරික මන්ත්රිිනි එස්.එච්.එම්. පද්මිණි ශ්රියන්ති මිය හා ගරු නාගරික මන්ත්රිනි එම්.අයි.ටි. ද සිල්වා මිය ද නම් කරන ලදී. සිරිලිය සංසදයේ නව නිලධාරි මණ්ඩලය ගරු සභාපති ධුරය ශ්යාමලි ලියනගේ මහත්මිය ද , ගරුලේකම් ධුරය කමනි හෙට්ටිගමගේ මහත්මිය ද , ගරු භාණ්ඩාගාරික ධුරය ලෙස ජනනි හල්පෙ මහත්මියද පත්කරන ලදී.