කුලියාපිටිය නගර සභාවේ 2026 අයවැය ඒකමතිකව සම්මතයි….

කුලියාපිටිය නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව 2025.11.13 වන දින පැවති විශේෂ මහා සභාවාරයේදී බහුතර මනාපයෙන් සභා සම්මත විය.
ඒ සඳහා සහයෝගය දැක්වූ උප සභාපතිතුමා ඇතුළු මන්ත්රී මණ්ඩලය, කාර් ය මණ්ඩලය හා සියළු දෙනාට ස්තුතිය පුදකරමි.📢📢

යෝග විද්‍යා ආසියානු කලාපීය ජයග්‍රහණයට සුභ පැතීම

යෝග විද්යා ආසියානු කලාපීය තරඟාවලියෙන් රන්පදක්කමක් ලබාගෙන විශිෂ්ඨ ජයග්රහණයක් ලබාගත් ශ්රී යෝග පදනමේ නිර් මාතෘ අර් ජුන වික්රමආරච්චි ආචාර්යවරයාට සහ ලෝකඩ පදක්කම් 02 ක් ලබාගත් ඔහුගේ සිසුන් දෙදෙනාට කුලියාපිටිය නගර සභාවේ ගරු සභාපතිතුමා, නාගරික මන්ත්රී මණ්ඩලය, නගර සභාවේ ලේකම් ඇතුළු කාර් ය මණ්ඩලයේ උණුසුම් සුභපැතුම්….

පානීය ජලය සම්බන්ධයෙන් නාගරික ජනතාව දැනුවත් කිරීම ……….

පසුගිය දින වල කුලියාපිටිය නගර සභාව විසින් බෙදාහරින ජලය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ චෝදනා අසත්ය බව තහවුරු කරමින් එම ජලය බීමට සුදුසු ජලය වන බවට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ලබාගත් නිවැරදි වාර් තා  පසුගිය මහ සභාවේදී සභාගත කරන ලදී. එම අසත්‍ය  චෝදනා ඉදිරිපත් කරන ලද අයට විරුද්ධව, නාගරික ජනතාවගේ මානසික පීඩනය වැලැක්වීම සඳහා නීතිමය පියවර ගැනීමට සභාව තීරණය කරන ලදී

කුලියාපිටිය නගර පවිත්‍රවැඩසටහන 2025

කුලියාපිටිය නගර සභාවේ ගරු නගරාධිපතිතුමාගේ උපදෙස් මත කුලියාපිටිය නගරය කැළි කසළින් තොර අලංකාර නගරයක් යන දැක්ම මුල් කරගනිමින් 2025.08.06 දින රාත්රියේ දී නගරයේ ප්රධාන මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කරන ලදී

ස්වර්ණපුරවර කාන්තා සංසදයේ නිලවරණය -2025

ස්වර් ණපුරවර සිරිලිය කාන්තා සංසඳයේ නිලවරණය 2025.07.23 දින නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විය. මෙහිදී අනුශාසක මණ්ඩලය ලෙස ගරු සභාපති ගාමිණි කරුණාරත්න මැතිතුමන් , නගර සභාවේ ලේකම් , පරිපාලන නිලධාරිතුමිය ද , උපදේශක මණ්ඩලය ලෙස ගරු නාගරික මන්ත්රිිනි එස්.එච්.එම්. පද්මිණි ශ්රියන්ති මිය හා ගරු නාගරික මන්ත්රිනි එම්.අයි.ටි. ද සිල්වා මිය ද නම් කරන ලදී. සිරිලිය සංසදයේ නව නිලධාරි මණ්ඩලය ගරු සභාපති ධුරය ශ්යාමලි ලියනගේ මහත්මිය ද , ගරුලේකම් ධුරය කමනි හෙට්ටිගමගේ මහත්මිය ද , ගරු භාණ්ඩාගාරික ධුරය ලෙස ජනනි හල්පෙ මහත්මියද පත්කරන ලදී.