නිදහස් දින සැමරීමේ උත්සවය හා කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්‍යානය විවෘත කිරීම

74 වන ජාතික නිදහස් දින සැමරීමේ උත්සවය හා ඊට සමගාමීව අභිනවයෙන් ඉදිකල කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්යානය විවෘත කිරීමේ අවස්ථාව. මෙම අවස්ථාවට කුලියාපිටිය නගර සභාවේ ගරු සභාපති Lakshman Adikari මැතිතුමා, නගර සභාවේ ගරු නාගරික මන්ත්රී මඩුල්ල( Eran Halpe Sherly Jayakody, Sriyanthi Sooriyahetti ), නගර සභාවේ ගරු ලේකම් Hmpk Herath මහතා, නගර සභාවේ වැඩ අදිකාරී Thanuja Bannaheka මහත්මිය, ප්රජා සංවර්ධන නිලධාරී Prema Kariyapperuma මහත්මිය සහ තිළිණ පෙර පාසල් පාලිකාවන් (Vinisiya Thulshi) ඇතුළු දූදරුවන් සහ දෙමාපියන් සහභාගි විය.

“පුරවරුණ” දෙවන කලාපය ජනතාගත කිරීමේ අවස්ථාව

කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත “පුරවරුණ” දෙවන කලාපය ජනතාගත කිරීමේ අවස්ථාව
මෙම අවස්ථාවට ගරු නගරාධිපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමන් ඇතුළු ගරු නාගරික මන්ත්රී මණ්ඩලය සහ ලේකම් තුමා  ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය සහභාගී විය.

ගෙවතු වගා හිමියන්ට කොම්පෝස්ට් බඳු ලබාදීම

කුලියාපිටිය නගර සභාවේ ගෙවතුවගා හිමියන් දිරිගැන්වීමක් වශයෙන් සහනදායි මිලකට කොම්පෝස්ට් බඳුන් ලබාදීමේ අවස්ථාව
මේ සඳහා නගර සභාවේ ගරු සභාපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමන්, ගරු නාගරික මන්ත්‍රී ශර්ලි වර්නන් ජයකොඩි මහතා, එරාන් ජනක හල්පේ මහතා සහ නගර සභාවේ සෞඛ්ය හා පරිසර අංශයේ මහත්ම මහත්මීන් සහභාගී විය

නගර සභා බල ප්‍රදේශයේ සියළු පාසල්/ රාජ්‍යආයතන/ව්‍යාපාරික ස්ථානවල ඩෙංගු පරීක්ෂාවන් සිදුකිරීම-2022/01/10,11

නගර සභා බල ප්‍රදේශයේ සියළු පාසල්/ රාජ්‍යආයතන/ව්‍යාපාරික ස්ථානවල ඩෙංගු පරීක්ෂාවන් සිදුකිරීම-2022/01/10,11

නගර සභාව සෙනසුරාදාත් විවෘතයි

කුලියාපිටිය නගර සභාවේ සියළු බිල්පත් ගෙවීම් කටයුතු සඳහා (වරිපනම් / ව්‍යාපාර බදු / කඩ කුලී / ජල බිල්පත් / බදු කුලී) 2022.01.08 දින සිට 2022.03.31 දින දක්වා සෑම සෙනසුරාදා දිනකම පෙ.ව 08.00 සිට මධ්‍යහන 12.00 දක්වා නගර සභා කාර්යාලය විවෘතව පවතින බවට කාරුණිකව දන්වා සිටිමි

2022 අයවැය සම්මතයි

කුලියාපිටිය නගර සභාවේ 2022 වර්ෂය සඳහා අයවැය කෙටුම්පත 2021.11.11 දින පැවැත්විය. එහිදී වැඩි ඡන්ද 15 කින් අයවැය සභා සම්මත කරන ලදී.

 

නගර සභාවේ ගෙවීම් කටයුතු සඳහා Online Payment සේවාවක්

වයඹ පළාත් පාලන ආයතන මඟින් ලබා දෙන සේවාවන් මහජනතාවට සමීප කරලීමේ අරමුණින් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව වයඹ සංවර්ධන අධිකාරියේ තාක්ෂණික සහයෙන් ක්රියාත්මක පළාත් පාලන ආයතන ස්වයංක්රීයකරණය කිරීමේ වැඩසටහන යටතේ කුලියාපිටිය නගර සභා බලප්රදේශයේ ජනතාව සඳහා මාර්ගගත(Online) ගෙවීම් පහසුකම ලබාදීමේ සමාරම්භක අවස්ථව
කුලියාපිටිය නගර සභාවේ ගරු නගරාධිපති ඒ.එම්. ලක්ෂ්මන් අදිකාරි මැතිතුමාගේ ආරාධයෙන් ගරු ආණ්ඩුකාරවර ජ්යේෂ්ඨ අධිනීතීඥ රාජා කොල්ලුරේ මැතිතුමාගේ ප්රධානත්වයෙන් වයඹ පළාත් පාලන ලේකම් පී.බී.එම්. සිරිසේන මැතිතුමා සහ වයඹ පළාත් පාලන කොමසාරිස් අයි.එම්.එයි. ඉලංගකෝන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද දින මෙම උත්සවය පැවැත් විය.
අද දින සිට ඔබට සියළුම
  • වරිපනම් ගෙවීම්
  • ජල බවුසර් සේව ලබාගැනීම්
  • ගලිරථ සේවා ඉල්ලුම් කිරීම්
  • වීථි පහන් පැමිණිලි ලබාදීම්
  • සහතික හා බලපත්ර නිකුත් කිරීම්
  • අපගේ සේවාවන් සඳහා මුදල් ගෙවීම්
  • පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කිරීම්
  • සේවාවන් සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර භාගත කිරීම
https://kuliyapitiyauc.dolgnwp.lk/ ඔස්සේ ලබාගත හැකි බව සතුටින් දන්වා සිටිමු

“පුර වරුණ” පළමු කලාපය නිකුත් කෙරේ

කුලියාපිටිය නගර සභාව, සීමාසහිත එක්සත් ප්රවෘති පත්ර සමාගම හා එක්ව දිනමිණ පුවත්පත සමඟ ජනගත කරනු ලබන කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත හා අන්තර්ජාල E-පුවත්පත “පුර වරුණ” පළමු කලාපය (2021.10.11) කියවීමට Purawaruna :Lake House (dinamina.lk) සබැඳියට පිවිසෙන්න.

2022 වර්ෂයට සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

කුලියාපිටිය නගර සභාවට අයත් පහත උපලේඛනයේ සඳහන් භාණ්ඩ / ද්‍රව්‍ය / උපකරණ හා සේවාවන් සැපයිම සඳහා අපේක්ෂා කරනු ලබන සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍ උපලේඛනයේ සඳහන් කොන්දේසිවලට යටත්ව ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ.

ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාරගැනීම 2021-10-11 දින සිට 2021-11-02 දක්වා කාර්යාල දිනවල පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ගෙනවිත් භාර දීම හෝ ලේකම්, නගර සභාව, කුලියාපිටිය යන නමට ලියාපදිංචි තැපෑලෙන් ලබාදිය හැක.

උපලේඛනයසැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රයකොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය

“පුර වරුණ” E-සඟරාව එළිදැක්වීම

කුලියාපිටිය නගර සභාව, සීමාසහිත එක්සත් ප්‍රවෘති පත්‍ර සමාගම හා එක්ව දිනමිණ පුවත්පත සමඟ ජනගත කරනු ලබන කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත හා අන්තර්ජාල E-පුවත්පත එළිදැක්වීමේ සමාරම්භක උත්සවය ගරු නගරාධිපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමා, ගරු සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ (ලේක්හවුස්) ජනාධිපති නීතීඥ ඩබ්. දයාරත්න මහතා, ගරු වයඹ පළාත් පාලන කොමසාරිස් අයි.එම්.අයි. ඉලංගකෝන් මැතිතුමා ඇතුළු සම්භාවනීයන්ගේ ප්‍රධානත්වයෙන් හා කුලියාපිටිය නගර සභා මන්ත්‍රී මණ්ඩලය, ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය, වයඹ පළාත් පාලන සහකාර කොමසාරිස්තුමිය, මූල සමාජ ප්‍රජා සංවර්ධන නිලධාරි තුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් 2021 ඔක්තෝම්බර් මස 11 දින කුලියාපිටිය නගර සභා ශාලාවේදී පෙ.ව 10.30 ට පැවැත්වීමට නියමිතය.