අනුකූලතා සහතික නිකුත් කිරීමේ සේවාව

සුදුසුකම් නගර සභාවේ අනුමැතිය සහිතව ඉඳිකල ගොඩනැඟිල්ලක් විම වරිපනම් බදු /වෙනත් බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාල
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු නේවාසික

  • වර්ග මීටර් 300 දක්වා – රු. 3000.00
    (වැඩිවන සෑමවර්ග මීටරයකටම – රු. 10/- බැගින් එකතු වේ.)

ව්‍යාපාරික

  • වර්ග මීටර් 100 දක්වා – රු. 3000.00
    (වැඩිවන සෑම වර්ග මීටරයකටම – රු. 20/-බැගින් එකතු වේ.)
සේවාව ලබාදීම ගතවන කාලය සති 02
අවශ්‍ය ලියකියවිලි නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත
සේවාව භාර මාණ්ඩලික නිලධාරි වැඩ අධිකාරි