කුලියාපිටිය නගරසභා බල ප්‍රදේශයේ සිටින ඔබට මාර්ගගත ආකාරයට සහතික පත් හා බලපත්‍ර ලබාගැනීමේ පහසුව අප විසින් සලසා ඇත. මෙහි ප්‍රථමයෙන් වීථිරේඛා සහතිකය මාර්ගගතව ලබාගැනීමේ හැකියාව පවතී.

Get the Service

කුලියාපිටිය නාගරික බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට අපගේ සේවාවන් පිළිබඳ පැමිණිළි හෝ අදහස් හා යෝජනා ඉදිරිපත්කිරීමේ හැකියාව පවතී. ඔබගේ පැමිණිළි හා යෝජනා ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත්වේ.

Get the Service

කුලියාපිටිය නගර සභා බලප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට මාර්ගගතව වරිපනම් බදු ගෙවීමේ පහසුකම ලබාදී ඇතමාර්ගගත ගෙවීම් සිදුකිරීමේදී පුරවැසියකුට අයත් දේපල නිවැරදිව හඳුනාගත යුතු අතර එම පුද්ගලයාගේ ජා.හැ.අංකය සමග සම්බන්ද කල යුතුයි. මෙම ක්‍රියාව සිදුකල යුත්තේ පළාත්පාලන ආයතනය විසිනි. ඔබ විසින් මෙම පහසුකම ලබාගැනීම සඳහා පළමුව ඔබට පරිශීලක ගිණුමක් (User Account) සකස් කළ යුතුයි. ඔබට මේ වනවිට පරිශීලක ගිණුමක් තිබේනම් එම ගිණුම භාවිත කළ හැකිය.

Get the Service

ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු - ගාස්තුවක් අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් - කාර්යාලීය වේලාවන් තුල සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු - ජල බවුසරයක් සඳහා - රු. 1500.00 සේවාව ලබාදීම ගතවන කාලය - විනාඩි 20 අවශ්‍ය ලියකියවිලි - ඉල්ලීම් ලිපිය සේවාව භාර මාණ්ඩලික නිලධාරි - ආදායම් ප්‍රවර්ධන නිලධාරි

Get the Service

ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු - ගාස්තු අය නොකෙරේ ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් - කාර්යාලීය වේලාවන් තුල සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු - ගලි බවුසර් ධාරිතාව ලීටර් 3800 - රු. 4000.00 ගලි බවුසර් ධාරිතාව ලීටර් 1800 - රු. 2600.00 වැඩිවන සෑම ලෝඩ් 01 ක් සඳහා රු.1250 ක් හා නගර සීමාවෙන් පිටත යාමට හා ඒමට සෑම කි.මි.1 ට රු. 80 බැගින් අය කෙරේ. සේවාව ලබාදීම ගතවන කාලය - දින 01 අවශ්‍ය ලියකියවිලි - ගලිරථ සේවාව ලබාගැනීම සඳහා නගර සභාව වෙත මුදල්ගෙවා ලබාගන්නා ලද මුදල් කුවිතාන්සිය සේවාව භාර මාණ්ඩලික නිලධාරි - මහජන සෞඛ්‍ය පරීක්ෂක

Get the Service

කුලියාපිටිය නාගරික බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට වීදිපහන් සේවාවන් පිළිබඳ පැමිණිළි ඉදිරිපත්කිරීමේ හැකියාව පවතී. ඔබගේ පැමිණිළි ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත්වේ.

Get the Service