ඉතිහාසය

20 වන ශත වර්ෂය ආරම්භ වන විට කුලියාපිටිය යන නම්න් නගරයක් දක්නට නොලැබිණි. එකල මෙම ප්‍රදේශය හැදින්වුයේ දණ්ඩගමුව පළාත යන නමිනි. දණ්ඩගමුව ඉතා පිටිසර බද ප්‍රදෙශයක් වු අකර කුලියාපිටය යනුවෙන් නම් කල කොටස කි. මි ½ ක් පමණ වර්තමාන ඉඩම් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ සිට හෙට්ටිපොළ මංසන්ධිය කොටස පමණි. 1861 දි නාරම්මල මාදම්පේ මාර්ගයත් දණ්ඩගමුව කොහොඔපොළ මාර්ගයත්, දණ්ඩගමුව ගිරාතලාන මාර්ගයත් ඉදිකල අතර එතැන් සිට කුලියාපිටිය වැදගත් මංසන්ධියක් ලෙස වර්ධනය වන්නට විය. 1871 අංක 26 දරන ආඥා පනත යටතේ කටුගම්පල හත්පත්තුවට අයත් ගම් සභා දෙකකින් එකක් දණ්ඩගමුවේ පිහිටුවන ලදි. 20 වන ශත වර්ෂයේ පළමු දශකය වන විට 1911 දණ්ඩගමුව පළාතට තැපැල් කාර්යාලයක්, මහේස්ත්‍රාත් උසාවියක්, රජයේ බෙහෙත් ශාලාවක් ලැබි තිබිණ. 1918 දි රජයේ ආයතන කිහිපයක්ද පාසල් 02 ද තිබු බැවින් කුලියාපිටිය නම්වු වර්තමාන ප්‍රදේශයේ රජයේ සෞඛ්‍ය සභාව වෙත පවරා ගැනිණි. 1940 දි පොලිස් ස්ථානයක්ද පිහිටුවන ලද අතර කුලියාපිටිය ක්‍රමයෙන් ජනතාව කේන්දු වන නාගරික ජනාවාසයක් බවට පරිවර්ථනය වන්නට විය. වසර 22ක්ම කුලියාපිටිය පාලනය වුයේ සෞඛ්‍ය සභාව මගින් වු අතර 1939 අංක 11 දරන පළාත් පාලන ආඥා පනත යටතේ 1943 ජනවාරි 15 වන දින අංක 9066 දරන ගැසට් ප්‍රකාශනය මගින් ඇලෙක්සැන්ඩර් කොල්කට් ආණ්ඩුකාරවරයා විසින් කුලියාපිටිය නගර සභාවක් ප්‍රකාශයට පත්කරන ලද අතර හෙන්රි මන්ක් මේෂන් මුවර් ආණ්ඩුකාරවරයා විසින් අංක 9349 හා 28. 12. 1944 දරන එය ක්‍රියාත්මක වන දිනය 01. 01. 1945 වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

ඓතිහාසික පසුබිම සලකා බැලිමේදි කුලියාපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨශය පැරණි කෝරල 04 කින් සමන්විත වන අතර යටිකග දකුණු කෝරලය, යටිකග උතුරු කෝරලය, කටුගම්පොළ උතුරු කෝරළය, සහ මයුරවති කෝරලයෙන් කොටසක් ද අයත් වෙයි. ඓතිහාසික පඩුවස්නුවර රාජධානියේ සිට ලක්දිව එක්සේසත් කළමහා පරාක්‍රමබාහු රජතුමාගේ වාරි කර්මාන්ත රටාවට අයත් කුඩා වැව් ගණනාවක් මෙහි පිහිටා ඇත.

පැරණි ජනප්‍රවාදයට අනුව ඉතා දරුණු කුළු මී ගවයෙකු ප්‍රදේශය පුරා සැරි සැරෑ බවත් එම සිද්ධියෙන් පසු කුලා+ආ+පිටිය ලෙසත් එය පසුකාලිනව කුලියාපිටිය ලෙස ප්‍රසිද්ධ වු බව ජනප්‍රවාද වල සදහන් වේ.

තවද ජාතික වැදගත්කමකින් යුත් පැරණි සිද්ධස්ථාන අතර කබලෑව දෙවි වෙනුවෙන් තැනුණු කුබල්ලව කබලෑව දේවාලය කුලියාපිටිය නගරයට ඉතා නුදුර්න් පිහිටා ඇත. මීට අමතරව යාකරවත්තේ පත්තිනි දේවාලය, පල්ලෙවෙල මළල බණ්ඩාර දේවාලය ඓතිහාසික වටිනාකමකින් යුත් දේවාල වේ.

නගර සභාව ආරම්භ වු 1945 වර්ෂයේ සිට මේ දක්වා සභාපතිවරුන් 09 දෙනෙකු යටතේ මෙම සභාව පාලනය කරන ලදි.

  • එම්.ආර්.ද සිල්වා මැතිතුමා – 1945.01.04 – 1960.01.09
  • නියඩෝරා තෙන්නකොන් මැතිනිය – 1960.01.09 – 1962.04.09
  • කේ.බි.සත්කුමාර මැතිතුමා – 1962.04.09 – 1964.02.12
  • ලයනල් ජයතිලක මැතිතුමා – 1964.02.12- 1969.09.12
  • දයානන්ද හේරත් මැතිතුමා – 1979.06.08 -1983.06.10
  • දයානන්ද වන්නිආරච්චි මැතිතුමා – 1983.06.10 -1997.04.05
  • ඩබ්.පි.ගාමිණි කරුණාරත්න මැතිතුමා – 1997.04.15-1997.06.11
  • ෂෙල්ටන් නිමල් පිරිස් මැතිතුමා – 1997-06-11-2006.04.16
  • ඒ.එම්.ලක්ෂ්මන් අදිකාරි මැතිතුමා – 2006.04.16