හැඳින්වීම

ශ්‍රි ලංකාවේ වයඔ පළාතට අයත් දිස්ත්‍රික දෙකෙන් කුරුණෑගල දිස්ත්‍රිකයේ කුලියාපිටිය (බටහිර) ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ කුලියාපිටිය නගර සභාව පිහිටා ඇත. කුලියාපිටිය නගරය වාණිජ හා පරිපාලනමය කටයුතු වලින් සමන්විත වු නගරයකි. එමෙන්ම පරිපාලන නගරයක් ලෙස සියළු රජයේ ආයතන ස්ථානගත වි ඇත්තේ ද කුලියාපිටිය නගර සිමාව තුලය. වර්ග කිලෝමිටර් 3. 8 ක භූමි ප්‍රමානයකින් යුත් නගර සභා බල ප්‍රදේශය පරිපාලනමය පහසුව සදහා නාගරික කොට්ඨාශ 09 කට බෙදා ඇති අතර ග්‍රාම නිලධාරි කොට්ඨාශ 03 කින් සමන්විත වෙයි. මේ වන විට නගර සභාවේ 17 වන සභා කාලය ආරම්භ වී ඇති බැවින්, ගරු සභාපති ඒ. එම්. ලක්ෂ්මන් අධිකාරි මහතා සහ ලේකම් එච්. එම්. පි. කේ. හේරත් මහතා යටතේ නගර සභාවේ පාලනය ගෙන යනු ලබයි. අවස්ථා කිහිපයකම ලංකාවේ හොදම නගර සභාවට හිමි ස්වර්ණපුරවර සම්මානයෙන් පිදුම් ලබමින් කුලියාපිටිය නගර සභාව ස්වර්ණමය නගර සභාවක් ලෙස පළාත් පාලන ආයතන අතර ඉහලින් වැජඹෙමින් ජනතාව උදෙසා සේවා සපයමින් සිටි.

දැක්ම

“සුවපත් ජිවිතයක් අලංකාර නගරයක්”

මෙහෙවර

කුලියාපිටිය නගර වැසියන් ගෙවන බදු මුදල් සහ රාජ්‍ය ආධාර නිසි පරිදි කළමනාකරණය කරමින් නාගරිකයන්ගේ යටිතල පහසුකම්, සුභසාධන හා සැපවිහරණ විධි වැඩිදියුණු කරමින් පරිසර හිතකාමි අලංකාර නගරයක් බිහිකිරිම කුලියාපිටිය නගර සභාවේ මෙහෙවර වන්නේය.