නගර සභා පෙර පාසල

පුර්ව ළමාවිය සංවර්ධනය කිරිමේ අරමුණින් තිලිණ පෙර පාසල නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

ස්ථානය – මිගහකොටුව, කුලියාපිටිය.

පෙර පාසලට දරුවන් ඇතුලත් කර ගැනීමෙ ක්‍රියාවලිය.

  • අයදුමි පත්‍ර නිකුත් කිරීම-ජුලි මාසය තුලදී සිදු කිරිම.
  • නියමිත අයදුමි පත්‍රය පමනක් සමිපූර්ණ කර මාසයක් ඇතුලත නගර සභාව වෙත හෝ තිළිණ පෙර ‍වෙත ලබා දිය යුතුය.
  • ළමුන් භාර ගැනිම සදහා සම්මුඛ පරික්ෂණ මණ්ඩලයෙන් තෝරා පත් කර ගැනිම.
  • සැප්තැම්බර් මාසය තුල අයදුම් පත් භාරදුන් අයගේ සම්මුඛ පරික්ෂණයන් පැවැත්වීම.
  • නිර්ණායක අනුව සුදුසුකම් සපුරාගත් වර්ෂයට බදවාගත හැකි ළමුන්ගේ සහ සුදුසුකම් සපුරා නොගත් ළමුන්ගේ නාමලේඛණය නිවාස හා පුජා සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් කර නිර්දේශ ලබා ගෙන මහසභාවේ අනුමැතියට ඉදිරිපත් කිරිම.
  • සභා අනුමැතියෙන් පසුව අදාල වර්ෂයට පෙර පාසලට ඇතුලත් විමට සුදුසුකම් සපුරාගත් ළමුන් හා ඌන සුදුසුකමි සහිත ළමුන්ගේ නාම ලේඛනය ප්‍රදර්ශනය කිරිමට පෙරපාසැල් දැන්වීම් පුවරුව, Face book පිටුව, ලිපි මගින්, ඔක්තෝම්බර් මාසය තුල දැනුවත් කිරිම.
  • නොවැම්බර් මාසය තුල අභියාචනා සලකා බැලිම(ඇත් නම් පමණක්)
  • දෙසැම්බර් මාසය තුල නවක සිසුන් භාර ගැනිමට අවශ්‍ය දැනුවත් කිරිම් සිදු කිරිම. පොත්පත් ලබා ගැනිම, ඇතුලත් වීමේ ගාස්තු පිළිබද දැනුවත් කිරිම.

විවෘතව තබන වේලාව – සතියේ දින වල පෙ.ව.8.00 සිට ප.ව 12.00 දක්වා

වැඩිදුර විමසිම් – පෙර පාසල් පාලිකා දුරකථන අංකය – +94 37 494 78 63