නගර සභා පුස්තකාලය

බල ප්‍රදේශයේ මෙන්ම ඉන් පිටත පුද්ගලයින්ගේ කියවිමේ හැකියාව වර්ධනය කිරිමේ අරමුණින් ඊරියගොල්ල සියවස පුස්තකාලය කුලියාපිටිය නගර සභාව විසින් මෙහෙයවනු ලබන අතර මෙම පුස්තකාලය පළමු ශ්‍රේණියේ පුස්තකාලයක් ලෙස ක්‍රියාත්මක වනු ලැබේ. නවින තාක්ෂණය යොදා ගනිමින් පුස්තකාල පොත් නිකුත් කිරිම මෘදුකාංගයක් මගින් සිදුකරනු ලබයි. පුස්තකාල සාමාජිකයින් සදහා පරිගණක පහසුකම්, අන්තර්ජාල පහසුකම් සහ ජායා පිටපත් ලබා ගැනිමේ පහසුකම් වලින් මෙම පුස්තකාලය සමන්විත වෙයි.

පුස්තකාලය විවෘතව තබන වේලාව – සතියේ සෑම දිනකම පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා

පුස්තකාල සාමාජිකත්වය ලබාගන්නා ආකාරය

  • අයදුම්කරු ඉල්ලුම් පත්‍රය ලබා ගැනිම -පුස්තකාලයාධිපති
  • ඇපකරුවන්ගේ තහවුරුව ලබා ගෙන සාමාජිකත්වය ලබා ගැනියට පැමිණිබව දැන් වීම.
  • අයදුම් පත්‍රය ලබා ගැනිම.
  • අයදුම් පත්‍රය අදාල ප්‍රද්ශයේ ග්‍රාම නිලධාරිගෙන් සහතික කර තිබිම.
  • නගර සභාව වෙත රු.1500.00 ඇප තැම්පත් මුදල ලබා දි රිසිට් පත සමග අයදුම් පත්‍රය පුස්තකාලයාධිපති වෙත ලබා දිම. ඉන් අනතුරුව සමාජිකත්වය ලබා ගැනිම.

වැඩිදුර විමසිම් – පුස්තකාලයාධිපති
දුරකථන අංකය – …………………..