ගරු සභාපතිතුමාගේ පණිවුඩය

බල ප්‍රදේශයේ ජනතාවගේ පසසුව, සුභ සාධනය සහ සුඛවිහරණය සැලසිම සදහා සුවපත් ජිවිතයක් අලංකාර නගරයක් යන දැක්ම පෙරදැරි කරගෙන යන ගමන් මගේ ජනතාව වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරිම සම්බන්ධයෙන් මාගේ හදපිරි සතුට ප්‍රථමයෙන් ප්‍රකාශකර සිටිමි.

කුලියාපිටිය නගර සභාව සඳහා වෙබ් අඩවිය නිර්මාණය කිරීමට, නගර සභාවේ දේශපාලන අධිකාරිය සහ නගර සභා කාර්යය මණ්ඩලය දැක්වූ සහයෝගය අගය කරමි එසේම මෙම වෙබ් අඩවිය නිර්මාණය කරදිම සදහා අපහට අනුග්‍රහය ලබාදුන් ට්‍රාන්ස් ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට මාගේ හදපිරි ස්තුතිය ප්‍රකාශකර සිටිමි.

ස්වර්ණපුරවර සම්මානයෙන් පිදුම් ලද නගර සභාවක් වන අප නගර සභාව නාගරික ජනතාවට සපයන සේවාවන් වන පොදු පරිපාලනය, ගිණුම් කටයුතු සහ ආදායම් ප්‍රවර්ධන සේවා, සෞඛ්‍ය හා සනිපාරක්ෂාව හා පරිසර කටයුතු සම්බන්ධ සේවා, ජල සේවා, මහජන උපයෝගි සේවා, භෞතික සැලසුම්කරණ සේවා, ප්‍රජා සත්කාර හා සුභසාධන සේවා සම්බන්ධ තොරතුරු හා අදාල ඉල්ලුම් පත්‍ර මෙම වෙබ් අඩවිය මගින් බාගත කර ගැනිමේ හැකියාව නාගරික ජනතාවට ඇති අතර මෙම වෙබ් අඩවිය සම්බන්ධයෙන් යම් අදහස් හා යෝජනා වෙතොත් ඒවා ඉදිරිපත් කිරිමට මෙමගින් අවස්ථාව සලසා ඇති බවද දන්වා සිටිමි.

සේවාලාභීන්ගේ අවශ්‍යතාවයන් කාර්යක්ෂමව හා විනිවිදභාවයකින් යුක්තව, ගුණාත්මක සේවාවක් සැපයිමේ අභිලාශයෙන් හා නව තාක්ෂණය භාවිතයෙන් නව යුගයට ගැලපෙන නගර සභාවක් බවට පත්කිරිමේ අරමුණින් ස්ථාපනය කරන ලද CAT 2020 මෘදුකාංග පද්ධතිය වෙනුවෙන් මෙම වෙබ් අඩවිය භාවිතා කිරිමෙන් Online Payment සිදු කිරිමට බල ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව ලබාදිමේ හැකියාව උදාවි ඇති අතර මෙමගින් කාර්යබහුල ජිවිතයක් ගතකරන නාගරික ජනතාවගේ කටයුතු පහසුවනු ඇතැයි මාගේ විශ්වාසයයි.

ඒ. එම්. ලක්ෂ්මන් අධිකාරි
ගරු සභාපති, කුලියාපිටිය නගර සභාව.