අංශ

ආයතන අංශය
කුලියාපිටිය නගර සභාව තුල ක්‍රියාත්මක වන ඉතා වැදගත් අංශයක් ලෙස ආයතන අංශය හදුන්වා දිය හැකිය. භාණ්ඩාගාරයේ ආයතන අධ්‍යක්ෂකගේ එකගතාවය මත නව තනතුරු ඇතිකර ගැනිම, තනතුරු හා පුරප්පාඩු ගැසට් කිරිම, තනතුරු සදහා අයදුම් පත්‍ර කැදවිම, සම්මුඛ පරික්ෂණ මණ්ඩල පත්කිරිම, අයදුම්කරුවන් තෝරාගැනිම, තෝරාගත් අයදුම්කරුවන් අතරින් සුදුසුකම් සපුරන පුද්ගලයින් තනතුරු පුරප්පාඩු සදහා බදවා ගැනිම, සමස්ථ කාර්යය මණ්ඩලයේ පුද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම, දෛනික තැපෑල සම්බන්ධව කටයුතු කිරිම, කාර්යය මණ්ඩලයේ නිවාඩු සම්බන්ධයෙන් කටයුතු කිරිම, කාර්ය මණ්ඩලය විසින් ලබාගන්නා ආපදා ණය හා දේපල ණය සම්බන්ධයෙන් කටයුතු කිරිම, කාර්ය මණ්ඩලයේ අග්‍රහාර රක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කිරිම යන කාර්යභාරයන් මෙම අංශය මගින් සිදුකරනු ලබයි.

ආයතන අංශ ප්‍රධානි – ප්‍රධාන කළමනාකරණ සහකාර එස්.ඒ.රම්‍යා මහත්මිය.

දුරකථන අංකය – +94 37 494 78 48

ගිණුම් අංශය
කුලියාපිටිය නගර සභාව තුල ක්‍රියාත්මක වන තවත් ඉතා වැදගත් අංශයක් ලෙස ගිණුම් අංශය හදුන්වාදිය හැකිය. මෙම අංශය විසින් ඉටුකරන කාර්යයභාරයන් අතරට වාර්ෂික අයවැය සම්පාදනය, අවසන් ගිණුම පිළියෙල කිරිම, චෙක්පත් නිකුත් කිරිම, කාර්ය මණ්ඩල වැටුප් පිළියෙල කිරිම, සැපයුම් ප්‍රසම්පාදනය, ගබඩා පාලනය, වැය ලේඛනය පවත්වාගෙන යාම, බැංකු සැසදුම් පිළියෙල කිරිම, මාසික ආදායම් සාරාංශ පිළියෙල කිරිම, විගණන විමසුම් සම්බන්ධයෙන් කටයුතු කිරිම, සේවක ඇප තැන්පත් ලේඛනය හා ස්ථාවර වත්කම් ලේඛනය පවත්වාගෙන යාම, මුදල් හා පුසම්පාදන කම්ටු රැස්විම් මසකට වරක් පැවැත්විම හදුන්වා දිය හැකිය.

ගිණුම් අංශ ප්‍රධානි – සංවර්ධන නිලධාරි කේ.කේ.වසන්තා කුමාරි මහත්මිය.

දුරකථන අංකය – +94 37494 78 50

ආදායම් අංශය
නගර සභාවට ආදායම් උත්පාදනය කරන අංශය වශයෙන් විශාල හා ප්‍රමුඛ කාර්යභාරයක් මෙම අංශය විසින් ඉටුකරනු ලබයි.මෙම අංශය මගින් ඉටුකරන කාර්යභාරයන් අතර ආදායම් උත්පාදනය කරන ව්‍යාපෘති හදුනා ගැනිම හා ඒවා ක්‍රියාත්මක කිරිම, අතුරු ව්‍යවස්ථා සම්පාදනය, බදු මුදල් අයකර ගැනිම, ජල සේවාව පවත්වාගෙන යාම, ආදායම් විෂයට අදාලව ගිවිසුම් වලට එළබිම, වත්කම් හා ඵලදාව බදු දිම, ආදායම් තක්සේරු කිරිම, වාර්ෂික ගාස්තු ගැසට් කිරිම, ආදි කාරයභාරයන් විශේෂ ස්ථානයක් ගනි.

ආදායම් අංශ ප්‍රධානි – සංවර්ධන නිලධාරි ඩබ්.බි.එම්.නිරෝෂීණී විරසේකර මහත්මිය.>/p>

දුරකථන අංක – +94 37 494 78 53

කර්මාන්ත අංශය
කුලියාපිටිය නගර සිමාව විධිමත් පරිදි සැලසුම්කර පවත්වාගෙන යාමේ ප්‍රධාන හා ඉතා වැදගත් කාර්යභාරය ඉටුකරන අංශය ලෙස කර්මාන්ත අංශය හදුන්වා දිය හැකිය. බල ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම, අනාගත අවශ්‍යතාවයන්ට උචිත පරිදි නගරය සැලසුම් කිරිම, බල ප්‍රදේශයේ සියලු ඉදිකිරිම් නගර සැලැස්මකට අනුව සිදුකිරිම, අනවසර ඉදිකිරිම් වැලැක්විම ආදි ප්‍රධාන කාර්යන් මෙම අංශය මගින් සිදුකරනු ලබයි.

කර්මාන්ත අංශ ප්‍රධානි – වැඩ අධිකාරි අනුරුද්ධිකා වික්‍රමසිරි මහත්මිය.

දුරකථන අංක – +94 37 494 78 51

සෞඛ්‍ය අංශය
කුලියාපිටිය නගර සිමාවේ මහජන සෞඛ්‍ය හා සනිපාරක්ෂාව ආරක්ෂා කිරිම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරන අංශය ලෙස සෞඛ්‍ය අංශය හදුන්වා දිය හැකිය. රෝග වැලැක්විමේ සේවා, රෝග සුව කිරිමේ සේවා, කාණු පිරිසිදු කිරිම, මාතෘධාරකාභිවෘද්ධි මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, කුණු කසළ එකතු කිරිම, ඝණ අපදුව්‍ය කළමනාකරණය,  සුසාන භූමි හා ආදාහනාගාරය නඩත්තු කිරිම ආදි ප්‍රධාන කාර්යභාරයන් මෙම අංශය මගින් සිදුකරනු ලබයි.

සෞඛ්‍ය අංශ ප්‍රධානි – මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්ලිව්.එම්.එස්.වන්නිනායක මහතා.

දුරකථන අංකය – +94 37 494 78 52

ප්‍රජා සංවර්ධන අංශය
බල ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාධන පහසුකම් ඉටු කිරිමේ ප්‍රධාන කාර්යභාරය ඉටුකරන අංශය වන්නේ ප්‍රජා සංවර්ධන අංශයයි. පරිගණක පහසුකම්, අන්තර්ජාල පහසුකම් සහ ජායාපිටපත් පහසුකම් වලින් සමන්විත මහජන පුස්තකාලය පවත්වාගෙන යාම, නගර සභා බල ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කර බල ප්‍රදේශයේ සංවර්ධනයට ඔවුනගේ දායකත්වය ලබා ගැනිමේ අරමුණින් ප්‍රජා මණ්ඩල පිහිටුවා පවත්වාගෙන යාම, පුර්ව ළමාවිය සංවර්ධනය සදහා පෙර පාසල් පවත්වාගෙන යාම,පොදු උද්‍යාන හා ක්‍රිඩා භූමි නඩත්තුව, පරිසර සංරක්ෂණ කටයුතු මෙම අංශය මගින් ඉටුකරන ප්‍රධාන කාරයභාරයන් වේ.

ප්‍රජා සංවර්ධන අංශ ප්‍රධානි – ප්‍රජා සංවර්ධන නිලධාරි කේ.එම්.පි.කාරියප්පෙරුම මහත්මිය.

දුරකථන අංකය – +94 374947 …………….