පරිසර බලපත්‍ර ලබාදීමේ සේවාව

සුදුසුකම් අංක 1685 / 11 2010-12-21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයහි ප්‍රකාශයට පත්කල නියෝග ප්‍රකාරව සුදුසුකම් ලබන ආයතනයක් වීම
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • ඉල්ලුම් පත් ගාස්තුව – රු. 100.00
  • අළුත් කිරීමේදී අයදුම්පත් ගාස්තුව – රු.50.00
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

  • පරීක්ෂණ ගාස්තු
ආයෝජනය (රු) පරීක්ෂණ ගාස්තුව (රු)
100,000 දක්වා 250.00
100,001 ට වැඩි එහෙත් 200,000 දක්වා 500.00
200,001 ට වැඩි එහෙත් 500,000 දක්වා 1250.00
500,0001 සිට 1000,000 දක්වා 2500.00
1000,000 ට වඩා වැඩි 5000.00
  • බලපත්‍ර ගාස්තුව රු. 1250.00
සේවාව ලබාදීම ගතවන කාලය දින 07
අවශ්‍ය ලියකියවිලි
  • පරිසර ආරක්ෂණ බලපත්‍ර ඉල්ලුම් පත්‍රය
  • කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහන
  • ව්‍යාපාරය ලියාපදිංචි කිරිමේ සහතිකය
  • අදාළ ස්ථානයේ අනුමත ගොඩනැඟිලි සැලස්ම සහ අනුකූලතා සහතිකය
  • ඉඩමේ පිඹුර
සේවාව භාර මාණ්ඩලික නිලධාරි පරිසර නිලධාරි