නිදහස් දින සැමරීමේ උත්සවය හා කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්‍යානය විවෘත කිරීම

74 වන ජාතික නිදහස් දින සැමරීමේ උත්සවය හා ඊට සමගාමීව අභිනවයෙන් ඉදිකල කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්යානය විවෘත කිරීමේ අවස්ථාව. මෙම අවස්ථාවට කුලියාපිටිය නගර සභාවේ ගරු සභාපති Lakshman Adikari මැතිතුමා, නගර සභාවේ ගරු නාගරික මන්ත්රී මඩුල්ල( Eran Halpe Sherly Jayakody, Sriyanthi Sooriyahetti ), නගර සභාවේ ගරු ලේකම් Hmpk Herath මහතා, නගර සභාවේ වැඩ අදිකාරී Thanuja Bannaheka මහත්මිය, ප්රජා සංවර්ධන නිලධාරී Prema Kariyapperuma මහත්මිය සහ තිළිණ පෙර පාසල් පාලිකාවන් (Vinisiya Thulshi) ඇතුළු දූදරුවන් සහ දෙමාපියන් සහභාගි විය.

“පුරවරුණ” දෙවන කලාපය ජනතාගත කිරීමේ අවස්ථාව

කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත “පුරවරුණ” දෙවන කලාපය ජනතාගත කිරීමේ අවස්ථාව
මෙම අවස්ථාවට ගරු නගරාධිපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමන් ඇතුළු ගරු නාගරික මන්ත්රී මණ්ඩලය සහ ලේකම් තුමා  ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය සහභාගී විය.

නගර සභාවේ ගෙවීම් කටයුතු සඳහා Online Payment සේවාවක්

වයඹ පළාත් පාලන ආයතන මඟින් ලබා දෙන සේවාවන් මහජනතාවට සමීප කරලීමේ අරමුණින් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව වයඹ සංවර්ධන අධිකාරියේ තාක්ෂණික සහයෙන් ක්රියාත්මක පළාත් පාලන ආයතන ස්වයංක්රීයකරණය කිරීමේ වැඩසටහන යටතේ කුලියාපිටිය නගර සභා බලප්රදේශයේ ජනතාව සඳහා මාර්ගගත(Online) ගෙවීම් පහසුකම ලබාදීමේ සමාරම්භක අවස්ථව
කුලියාපිටිය නගර සභාවේ ගරු නගරාධිපති ඒ.එම්. ලක්ෂ්මන් අදිකාරි මැතිතුමාගේ ආරාධයෙන් ගරු ආණ්ඩුකාරවර ජ්යේෂ්ඨ අධිනීතීඥ රාජා කොල්ලුරේ මැතිතුමාගේ ප්රධානත්වයෙන් වයඹ පළාත් පාලන ලේකම් පී.බී.එම්. සිරිසේන මැතිතුමා සහ වයඹ පළාත් පාලන කොමසාරිස් අයි.එම්.එයි. ඉලංගකෝන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද දින මෙම උත්සවය පැවැත් විය.
අද දින සිට ඔබට සියළුම
  • වරිපනම් ගෙවීම්
  • ජල බවුසර් සේව ලබාගැනීම්
  • ගලිරථ සේවා ඉල්ලුම් කිරීම්
  • වීථි පහන් පැමිණිලි ලබාදීම්
  • සහතික හා බලපත්ර නිකුත් කිරීම්
  • අපගේ සේවාවන් සඳහා මුදල් ගෙවීම්
  • පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කිරීම්
  • සේවාවන් සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර භාගත කිරීම
https://kuliyapitiyauc.dolgnwp.lk/ ඔස්සේ ලබාගත හැකි බව සතුටින් දන්වා සිටිමු