වීථී පහන් ආලෝකකරණ සේවාව

සුදුසුකම් නව වීථී පහනක් සවිකිරීම – ලිඛීත ඉල්ලීමක් සිදුකිරීම
වීථී පහන් අළුත්වැඩියාව – ලිඛිත ඉල්ලීම / දුරකථනය මඟින් දැනුම් දීම
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලුම් පත්‍රයක් නොමැත.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
සේවාව ලබාදීම ගතවන කාලය දින 02
අවශ්‍ය ලියකියවිලි
සේවාව භාර මාණ්ඩලික නිලධාරි වැඩ අධිකාරි

ක්‍රීඩා පිටි ලබාදීමේ සේවාව

18 % වැට් එකතු වේ.

සුදුසුකම් ක්‍රීඩා පිටියේ අවශ්‍යතාවය පවතින පුද්ගලයෙක් හෝ ආයතනයක්
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
    නගර සභා ක්‍රීඩා පිටිය – ( 18% වැට් එකතු වේ. )

  • පාසැල් සංදර්ශන සඳහා – රු. 5000.00
  • අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සඳහා – රු. 10,000.00
  • සංගීත සංදර්ශන සඳහා – රු. 20,000.00
  • ක්‍රීඩා උත්සව සඳහා – රු. 5000.00
  • භූමිය වෙන්කිරීමේ තැන්පතු – වෙනස් වේ.
  • සැණකෙළි සඳහා – රු. 25000.00
  • හෝල් උත්සව සඳහා – රු. 10,000.00
  • මීගහකොටුව හා සුභාරතිපුර ක්‍රීඩාපිටිය සදහා – රු. 5000.00
  • සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 15
    අවශ්‍ය ලියකියවිලි
    • ජාතික හැදුනුම්පතේ පිටපතක්
    • රාජ්‍ය ආයතනයකින් ඉල්ලුම් කරන්නේනම් ලිපි ශීර්ෂය ඇතුලත් ඉල්ලීම් ලිපිය
    සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි

    ගලී රථය ලබාදීමේ සේවාව

    සුදුසුකම් ගලි රථයේ සේවාව අවශ්‍ය අවස්ථාවලදී
    ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
    ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
    ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ
    ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල
    සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගලි බවුසර් ධාරිතාව –
    ලීටර් 3800 – රු. 4500.00

    (වැඩිවන සෑම ලෝඩ් 01 ක් සඳහා රු.2000 ක් හා නගර සීමාවෙන් පිටත යාමට හා ඒමට සෑම කි.මි.1 ට රු. 150 බැගින් අය කෙරේ.)

    සේවාව ලබාදීම ගතවන කාලය දින 01
    අවශ්‍ය ලියකියවිලි ගලිරථ සේවාව ලබාගැනීම සඳහා නගර සභාව වෙත මුදල්ගෙවා ලබාගන්නා ලද මුදල් කුවිතාන්සිය
    සේවාව භාර මාණ්ඩලික නිලධාරි මහජන සෞඛ්‍ය පරීක්ෂක