“පුර වරුණ” E-සඟරාව එළිදැක්වීම

කුලියාපිටිය නගර සභාව, සීමාසහිත එක්සත් ප්‍රවෘති පත්‍ර සමාගම හා එක්ව දිනමිණ පුවත්පත සමඟ ජනගත කරනු ලබන කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත හා අන්තර්ජාල E-පුවත්පත එළිදැක්වීමේ සමාරම්භක උත්සවය ගරු නගරාධිපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමා, ගරු සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ (ලේක්හවුස්) ජනාධිපති නීතීඥ ඩබ්. දයාරත්න මහතා, ගරු වයඹ පළාත් පාලන කොමසාරිස් අයි.එම්.අයි. ඉලංගකෝන් මැතිතුමා ඇතුළු සම්භාවනීයන්ගේ ප්‍රධානත්වයෙන් හා කුලියාපිටිය නගර සභා මන්ත්‍රී මණ්ඩලය, ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය, වයඹ පළාත් පාලන සහකාර කොමසාරිස්තුමිය, මූල සමාජ ප්‍රජා සංවර්ධන නිලධාරි තුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් 2021 ඔක්තෝම්බර් මස 11 දින කුලියාපිටිය නගර සභා ශාලාවේදී පෙ.ව 10.30 ට පැවැත්වීමට නියමිතය.