පුස්තකාල සාහිත්‍ය තරඟාවලිය – 2025
යෝග විද්යා ආසියානු කලාපීය ජයග්‍රහණයට සුභ පැතීම
යෝග විද්යා ආසියානු කලාපීය තරඟාවලියෙන් රන්පදක්කමක් ලබාගෙන විශිෂ්ඨ ජයග්රහණයක් ලබාගත් ශ්රී යෝග පදනමේ නිර් මාතෘ අර් ජුන වික්රමආරච්චි ආචාර්යවරයාට සහ ලෝකඩ පදක්කම් 02 ක් ලබාගත් ඔහුගේ සිසුන් දෙදෙනාට කුලියාපිටිය නගර සභාවේ ගරු සභාපතිතුමා, නාගරික මන්ත්රී මණ්ඩලය, නගර සභාවේ ලේකම් ඇතුළු කාර් ය මණ්ඩලයේ උණුසුම් සුභපැතුම්….




පානීය ජලය සම්බන්ධයෙන් නාගරික ජනතාව දැනුවත් කිරීම ……….
පසුගිය දින වල කුලියාපිටිය නගර සභාව විසින් බෙදාහරින ජලය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ චෝදනා අසත්ය බව තහවුරු කරමින් එම ජලය බීමට සුදුසු ජලය වන බවට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ලබාගත් නිවැරදි වාර් තා පසුගිය මහ සභාවේදී සභාගත කරන ලදී. එම අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන ලද අයට විරුද්ධව, නාගරික ජනතාවගේ මානසික පීඩනය වැලැක්වීම සඳහා නීතිමය පියවර ගැනීමට සභාව තීරණය කරන ලදී
කුලියාපිටිය නගර පවිත්‍රවැඩසටහන 2025
කුලියාපිටිය නගර සභාවේ ගරු නගරාධිපතිතුමාගේ උපදෙස් මත කුලියාපිටිය නගරය කැළි කසළින් තොර අලංකාර නගරයක් යන දැක්ම මුල් කරගනිමින් 2025.08.06 දින රාත්රියේ දී නගරයේ ප්රධාන මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කරන ලදී




ස්වර්ණපුරවර කාන්තා සංසදයේ නිලවරණය -2025
ස්වර් ණපුරවර සිරිලිය කාන්තා සංසඳයේ නිලවරණය 2025.07.23 දින නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විය. මෙහිදී අනුශාසක මණ්ඩලය ලෙස ගරු සභාපති ගාමිණි කරුණාරත්න මැතිතුමන් , නගර සභාවේ ලේකම් , පරිපාලන නිලධාරිතුමිය ද , උපදේශක මණ්ඩලය ලෙස ගරු නාගරික මන්ත්රිිනි එස්.එච්.එම්. පද්මිණි ශ්රියන්ති මිය හා ගරු නාගරික මන්ත්රිනි එම්.අයි.ටි. ද සිල්වා මිය ද නම් කරන ලදී. සිරිලිය සංසදයේ නව නිලධාරි මණ්ඩලය ගරු සභාපති ධුරය ශ්යාමලි ලියනගේ මහත්මිය ද , ගරුලේකම් ධුරය කමනි හෙට්ටිගමගේ මහත්මිය ද , ගරු භාණ්ඩාගාරික ධුරය ලෙස ජනනි හල්පෙ මහත්මියද පත්කරන ලදී.



ස්ත්‍රි පුරුෂ සමාජ භාවය පිළිබද කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන
කාන්තා සවිබල ගැන්විම හා ස්ත්රී පුරුෂ සමාජ භාවය පිළිබදව කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.07.23 දින ප.ව. 2.00ට නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විය. වැඩසටහනේ සම්පත් දායිකාව ලෙස වයඹ විශ්ව විද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර් ය ජනනි ලසන්තිකා මහත්මිය සහභාගි විය මේ සඳහා ගරු සභාපති ගාමිණි කරුණාරත්න මැතිතුමන්,නගර සභාවේ ලේකම්, පරිපාලන නිලධාරි ,ප්රජා සංවර්ධන නිලධාරි ඇතුළු කාර් ය මණ්ඩලය ද සහභාගිවිය..







කුලියාපිටිය නගර සභා බල ප්‍ර දේශයේ පැවැත්වු ඩෙංගු මර්ධන වැඩසටහන
කුලියාපිටිය නගර සභා බල ප්රදේශයේ 2025.07.03 හා 04 දිනයන්හි ගරු සභාපති තුමන්ගේ ප්රධානත්වයෙන් පැවති ඩෙංගු මර්ධන වැඩසටහන..මේ සදහා ගරු උප සභාපති තුමා, ශ්රී ලංකා පොලීසිය, යුධ හමුදාව, මහජන සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය, ප්රාදේශීය ලේකම් කාර්යාලය, හා නගර සභා කාර්ය මණ්ඩල නිලධාරීන් සහභාගී විය.





පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන
පෙයාස් බිළිඳු සත්කාර වැඩසටහන අනුග්රහයෙන් කුලියාපිටිය නගර සභා බල ප්රදේශයේ පිහිටි පෙර පාසල් දරුවන්ගේ දෙමවුපියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025.07.03 දින ගරු සභාපතිතුමාගේ ප්රධානත්වයෙන් කුලියාපිටිය නගර සභා ශ්රවනාගාරයේදී පැවැත්වින.






කුලියාපිටිය නගර සභාවේ අභිනව සභාපති ගරු ගාමිණි කරුණාරත්න මැතිතුමන් වැඩභාරගත් අවස්ථාව






