කුලියාපිටිය නගර සභා බල ප්‍ර දේශයේ පැවැත්වු ඩෙංගු මර්ධන වැඩසටහන

කුලියාපිටිය නගර සභා බල ප්රදේශයේ 2025.07.03 හා 04 දිනයන්හි ගරු සභාපති තුමන්ගේ ප්රධානත්වයෙන් පැවති ඩෙංගු මර්ධන වැඩසටහන..මේ සදහා ගරු උප සභාපති තුමා, ශ්රී ලංකා පොලීසිය, යුධ හමුදාව, මහජන සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය, ප්රාදේශීය ලේකම් කාර්යාලය, හා නගර සභා කාර්ය මණ්ඩල නිලධාරීන් සහභාගී විය.

පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

පෙයාස් බිළිඳු සත්කාර වැඩසටහන අනුග්රහයෙන් කුලියාපිටිය නගර සභා බල ප්රදේශයේ පිහිටි පෙර පාසල් දරුවන්ගේ දෙමවුපියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025.07.03 දින ගරු සභාපතිතුමාගේ ප්රධානත්වයෙන් කුලියාපිටිය නගර සභා ශ්රවනාගාරයේදී පැවැත්වින.

ජල සැපයුම බිඳ වැටීම

උඩුබද්දාව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2025.05.03 වන දින ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව කාරුණිකව දැනුම් දෙමි.